long position සහ short position
ඔන්න එකෝමත් එක කාලයක ( ඈත අතීතයේ ) stock market එකේ ට්රේඩ් කරපු මිනිස්සුන් විසින් මේ stock market එක තුළ එක්තරා දෙයක් නිරීක්ෂණය කළා. ඒ තමයි බොහෝ අවස්ථා වලදී stock එකක වටිනාකම ඉහළ යාමට වැඩි කාලයක් ගත කරන නමුදු stock එකක වටිනාකම කඩා වැටීමට එතරම් කාලයක් ගත නොවන බවයි.
පළමුවැනි රූපය බලන්න. එහි කලු පාට තිරස් රේඛා (horizontal lines) දෙකක් දක්නට ලැබෙන අතර පහළ ඇති රේඛාව ඉදිරියෙන් 50 ද ඉහළින් ඇති රේඛාව ඉදිරියෙන් 100 ලෙස සටහන් කර තිබේ. එම මට්ටම් stock එකෙහි price එක ලෙස ගනිමු. දැන් මෙම stock එකෙහි price එක 50 සිට 100 දක්වා ඉහල යාමට candlesticks 8 ක් ගත කර තිබෙනවා. මේක daily chart එක නම් stock එකෙහි price එක 50 සිට 100 දක්වා ඉහල යාමට දින 8 ක් ගත කර ඇති බව වටහා ගන්න.
නමුත් එකෙහි price එක 100 සිට 50 දක්වා කඩා වැටීමට ගතවී ඇත්තේ candlestick එකක් පමණක් බව දක්නට ලැබේ. එනම් price එක 100 සිට 50 දක්වා කඩා වැටීමට ගතවී ඇත්තේ එක දිනයක් පමණි. යම්කිසි පුද්ගලයෙක් stock price එක 50 හි පවතින අවස්ථාවෙහි buy කර දින අටක් ගතකර ලබන ලාභය stock price එක 100 හි පවතින විට sell කරන අයෙකුට එක් දිනකින් ලබා ගත හැකි බව වැටහෙනු ඇත.
මේ අනුව stock price එක ඉහල යාමට, stock එකක් buy කර යම්කිසි ලාභයක් ලැබීමට, වැඩි කාලයක් (Long time) ගත වන බැවින් buy trade එකක් long position යන නමින් හැදින්වීමට එකල මිනිසුන් යොමු විය. ප්රතිලෝම වශයෙන් stock price එක පහළ වැටීමට, stock එකක් sell කර යම්කිසි ලාභයක් ලැබීමට, ගතවන්නේ අඩු කාලයක් ( Short time ) බැවින් sell trade එකක් short position ලෙස හැදින්විය.
ඉතිං මේ වචන දෙක අතීතයේ stock trade කරපු අය බෝ කරපු වචන දෙකක් පමණක් බව වටහා ගන්න. long position සහ short position යන වචන දෙක Forex වලට බෝ වී ඇත්තේ stock trade කරපු අය Forex trade කිරීමට පැමිණ එම වචන දෙක භාවිතා කිරීමෙනි.
වර්තමානයේ තිබෙනුයේ අතීතයේ තිබූ stock market එක හෝ forex market එක නොව දැන් තාක්ෂණය දියුණු වී ඇති බැවින් ඒවා බොහෝ දුරට වෙනස් වී ඇත. නමුත් සමහර දේවල් එලෙසින්ම පවතී. long position සහ short position යන වචන දෙක එයට උදාහරණයකි. වර්තමානයේදීද යම් යම් අවස්ථාවලදී ඉහත සඳහන් කළ සංසිද්ධිය ඉදහිට දක්නට ලෑබේ.
02 රූපයේ තිබෙනුයේ GBP/JPY (මං ආසම ) currency pair එකෙහි එම සංසිද්ධිය දක්නට ලැබෙන අවස්ථාවකි. chart එක 4h ය. 144.945 සිට 146.650 දක්වා price එක up වීමට පැය 4 candles 18 ක් පමණ ඒ කියන්නෙ ඉතිං දවස් තුනක් විතර ගිහින් ඒත් එහෙම දවස් තුනක් තිස්සේ ඉහලට ගිය ප්රමානය එක candle එකකින් එනම් පැය 4 කින් කුඩු පට්ටම් වී ගොස් ඇති ආකාරය හොදින් නිරීක්ෂණය කරන්න. ඉහත සංසිද්ධිය Forex වල සිදුවී ඇති අවස්ථාවකි එය.
දැන් 3 වෙනි රූපය බලන්න එහි සිදුවී ඇත්තේ හාත්පසින්ම වෙනස් කාරණය නොවේද ??? මේ නිසා buy trade එකට Long position ද sell trade එකට short position ද යන වචන forex වලට කොතරම් දුරට සාධාරණ ද , stock market උවද වර්තමානයේදී කොතරම් දුරට ගැලපේද යන වග ඔබ විසින් සිතා බලන්න



long position සහ short position යනු buy trade එකට සහ sell trade එකට කියන තවත් වචන දෙකක් ය . ඒ ඇරෙන්නට එතුල ඊට වඩා යමක් ගැබ් වී නොමැත.
No comments:
Post a Comment